2018 සහ 2019 යන වසර දෙකේදී ශ්‍රී ලංකාවට චීස් ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි හාරසිය අසූ තුනක් වැයකර තිබෙන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී හේරත් මහතා පැවසුවා.
ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළ ඒ් මහතා මෙරට නිෂ්පාදනය කළ චීස් අපනයනය කිරීමෙන් එම වසර දෙකේදී උපයා ඇත්තේ රුපියල් හාර කෝටි අනූ ලක්ෂයක් පමණක් බවද සඳහන් කළා.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ (සජබ) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ, 2019 වසරේදී ශ්‍රී ලංකාව චීස් ලීටර් දහසය ලක්ෂ හත්දහස් හතළිස් එකක් නිෂ්පාදනය කර ඇතිබව සහ මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන අවශ්‍යතාවයෙන් සියයට හැටක් ආනයනය කිරීමට සිදුවීම ප්‍රබල ගැටලුවක් බවයි. විදෙස් රටවලින් ආනයනය කරන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඇමැතිවරයා කීවේය.
ආනයනය කරන කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව මන්ත්‍රී බුද්ධික පතිරණ මෙහිදී පෙන්වා දුන්නේය.