පසුගිය වසරේ වියලන ලද පුවක් තොගයක් රේගුවෙන් මුදා හැරීම සඳහා ව්‍යාජ නිරෝධායන සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ කෘෂිකර්ම උපදේශකවරියක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව රහස් පොලිසියට පැමිණිලි කර තිබෙන බවයි.
රහස් පොලිසිය විසින් ප්‍රකාශ කිහිපයක් ලබා ගැනීමෙන් පසුව මෙම නිලධාරිනියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් එම බහාලුම් භෞතිකව පරීක්ෂා නොකර නිරෝධයන සහතික නිකුත් කර තිබෙන බවත් මෙම සිද්ධියට සම්බන්ධ වෙනත් අය ඇත්දැයි සොයා බැලීම සඳහා වැඩි දුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.