ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වීමට සූදානම් බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ කාර්යාලයේදී ඉකුත් අඟහරුවාදා (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේ ඇතිවූ සංවාදයක් අතර තුරදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ සිටිමින් දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඉකුත් දා කළ ප්‍රකාශය සුදුසු නොවන බවයි.
ඊට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ අවශ්‍ය නම් තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බවත්ය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේ පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා වී ඇති අතර මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.