රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසුවේ රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 10දා ආරම්හ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
මැයි මස 27දා කප් සිටුවීමේ මංගල්‍යයෙන් ඇරඹි පෙරහර මංගල්‍යය දිය කැපීමේ මංගල්‍යයෙන් මේ මස 24දා නිමාවට පත් වෙයි. මෙවර පෙරහර මංගල්‍යය සෞඛ්‍ය හේතූන් මත සාමාන්‍ය ජනතාවට නැරඹීමට අවස්ථාව හිමි නොවේ. මේ මස 20දා ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සුවිශේෂි මහ පෙරහර වීදි සංචාරය කෙරෙන අතර 20දා ගිනි පෑගීමේ උලෙළ පැවැත්වීමට නියමිතවේ.
පෙරහර සඳහා සහභාගි වන සියලු දෙනා සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ ජෛව බුබුළු ක්‍රමය අනුව නිරෝධායන කටයුතු කරනු ලබයි. කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන සියලු චාරිත්‍ර එලෙසම පවත්වන අතර බස්නායක නිලමේවරයා ඇතුළු පෙරහර සංවිධායක මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේ
කිසිදු ආකාරයකින් මෙවර පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණ අපහසුතාවට ලක්නොවන ලෙසයි.