කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී තිබූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුට අහිමි වී ඇත. දසුන් ශානක ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.
ශානක ඇතුළු තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වු 2019 වසරේ පැවති පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග තුනම ජයග්‍රහණය කරමින් එවකට විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ පසුවුණු පාකිස්තානය පරාජයට පත් කිරීමට සමත් වූහ.