විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (8) පෙරවරුවේ ඌරුජුවා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයකු ටී 56 ගිනි අවි උණ්ඩ යෙදිය හැකි පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
විශේෂ මෙහෙයුම් ඒකකයේ භට කණ්ඩායමක් පෙරවරුවේ ඌරුජුවාට අයත් ජල්තර නිවසේ ගිනි අවි සගවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම නිවස සෝදිසියට ලක්කළ බව විශේෂ කාර්ය බලකාය කියයි.
විශේෂ කාර්ය බලකාය පැවසුවේ නිවස වටලන අවස්ථාවේ දී සැකකරු එම නිවසේ සිට පලායාමේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ ඉනේ ඉහත ගිනි අවිය සගවා තිබී සොයාගත් බවත්ය.
මෙම අත්අඩංගුවට ගත් සැකකරු ඌරුජුවාගේ මරණයෙන් පසු ඌරුජුවා විසින් සිදුකළ කප්පම් ගැනීම් ඇතුලු ජාවාරම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා හංවැල්ල පොලිසියට බාර දී ඇත.