ඊයේ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇත. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු ඊයේ (08) පස්වරුවේ දිවුරුම් දුන්හ.
එනම් කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.
මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යාංශ සංශෝධනයත් සමඟ දිවුරුම් දෙනු ලැබිණ.
ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.