"ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව සලකා බලන්න" යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කර තිබේ.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ හතරවන මට්ටමේ සංචාරක සීමාව තුන්වන මට්ටම දක්වා ලිහිල්කර තිබෙන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ටිවිටර් පිණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.
රටේ පවතින කොවිඩ් තත්ත්වය නිසා ශ්‍රී ලංකාව සඳහා සංචාරක සීමාව තුන්වන මට්ටමේ තබා තිබෙන බවද ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ටිවිටර් පණිවුඩයේ සඳහන්වේ.