වසංගතය තත්වය හේතුවෙන් HIV වෛරසය සඳහා රුධිර පරීක්ෂාවන්ට යොමු නොවීම හේතුවෙන් සමාජය තුළ HIV වෛරසය ව්‍යාප්ත වීමේ බරපතළ අවදානමක් ඇතැයි HIV ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා.
පෙරදී රෝගය බෝ කළ හැකි අවදානම් කණ්ඩායම් වෙත ගොස් රුධිර පරීක්ෂාවන් 1000-2000 අතර සංඛ්‍යාවක් සිදු කළත් මේ වන විට කොරෝනා වෛරසය නිසා එම පරික්ෂා කිරීම් සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව වෛද්‍යවරිය පෙන්වා දෙනවා.
රජයේ සියලුම රෝහල්වල HIV සායන පැවැත්වෙන බැවින් අවදානම් ලිංගික චර්‍යාවල යෙදෙන පුද්ගලයන් එම සායන වෙත ගොස් රුධිර පරීක්ෂාවන් සිදු කරගන්නා ලෙස ද HIV ආසාදිතයින් ඖෂධ නියමිත ලෙස ලබාගන්නා ලෙසත් වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.