අද දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබද අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇත.
නිවේදන අංක -1 (වර්ණය : ඇම්බර්)
තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2021 ජුලි මස 11 වන දින ප.ව. 02.30 වන තෙක් වලංගු වන පරිදි 2021 ජුලි මස 09 වන දින ප.ව. 02.30 ට නිකුත් කරන ලදී.
ගොඩබිම් ප්‍රදේශ සඳහා
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද | සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැක.
නිවේදන අංක -2 (වර්ණය : ඇම්බර්)
තද වැසි ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2021 ජුලි මස 10 වන දින උදෑසන 10.00 වන තෙක් වලංගු වන පරිදි 2021 ජුලි මස 09 වන දින ප.ව. 09.30 ට නිකුත් කරන ලදී.
ගොඩබිම් ප්‍රදේශ සඳහා
සැලකිලිමත් වන්න!
දිවයිනේ නිරිත දිග කොටසේ (විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැක.