අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් තියුණු ආයුධ සමග යාපනයේ ඉලවාලි ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත ඉලවාලි සෙන්ජුඩි පාරේ නිවසක් පරීක්ෂා කර සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී කඩු හතරක්, යකඩ පොලු දෙකක්, අත්පොරවක් සොයාගෙන ඇත.
එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ හෙළි වු තොරතුරු අනුව ඉලවාලි ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන සැකකරුවන් තිදෙනා ඊයේ (9) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
යාපනය ප්‍රදේශයේ පිරිස බියගන්වා අපරාධ ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිසක් බවට පොලිසිය සැකකරන අතර පරීක්ෂණ ආරම්භ කර ඇත.