කොවිඩ් අවදානම් දීමනාවක් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලුම ග්‍රාම නිලධාරීන් ලබන සතියේ සිට එන්නත්කරණයට අදාළ ලේඛන සකස් කර දීම හැර කොවිඩ් සම්බන්ධ අනෙක් රාජකාරිවලින් ඉවත් වීමට සූදානම් වන බව එම සංගමයේ සභාපති ඩබ්ලිව්. ජී. කමල් කිත්සිරි ප්‍රකාශ කළා.
ඔහු පවසන්නේ කොවිඩ් රාජකාරිවල නිරතවන ග්‍රාම නිලධාරීන්ට එන්නත් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් නොදීම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බවයි. මෙරට තුළ සමස්ත ග්‍රාම නිලධාරීන් 12000ක් රාජකාරියේ නිරත වන අතර කොවිඩ් එන්නත ලැබී ඇත්තේ ඉන් නිලධාරීන් 1500කට පමණි. එම පිරිස ද එන්නත් ලබා ගෙන ඇත්තේ ග්‍රාම නිලධාරින්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නොව තමන් පදිංචි ප්‍රදේශවල එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගි වීමෙන් බව සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.




