පාන් පිටි (තිරිඟු පිටි) ආනයනික සමාගම් දෙක මිල ඉහළ නොදමනට බවට සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත දැනුම් දී තිබෙනවා.
මෙම සමාගම් දෙකම මුහුණදී තිබෙන ගැටලුවලට රජය මැදිහත් වී සහන ලබාදීමට අදාල අංශ සමඟ සාකච්ඡා කරන බවත් පාන් පිටි සහ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොයන බවත් අමාත්‍යවරයා පැවසුවා
පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව පාන් පිටි කිලෝවක් රුපියල් 18 කින් ඉහළ දැමූ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටියදී අදාල සමාගම සමඟ සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන් පිටි මිල වැඩි නොකරන බවට පොරොන්දු වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම ප්‍රීමා සමාගම ද පිටි මිල කිසිදු වැඩි කිරීමක් මේ දක්වා සිදු නොකරන ලද අතර ඒ අනුව පිටි හා පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළ යාමක් සිදු නොවනු ඇත.