හමුදා නිලධාරීන්ට මෙන් පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ‘‘අනූ දහසක් පමණ වන පොලිස් සේවයේ සාමාජිකයන් අතරින් යම් යම් නිලධාරීන් විනය විරෝධී කටයුතුවල නිරත වී ඇති බව නිරීක්ෂණය වෙනවා. එම පිරිස ප්‍රතිශතයක් ලෙස ගත් විට 1% ට අඩු සංඛ්‍යාවක්. මේ නිසා මුළුමහත් පොලිසියේම විනය පිරිහී ඇතැයි කවුරුන් හෝ ප්‍රකාශ කරනවා නම් එය සාධාරණ නැහැ. එම අතළොස්ස කරන වැරදි වැඩ ඉස්මතු කර හොඳ දේ යටපත් කරනවා නම් ඒක සාධාරණ නැහැ.’’‘‘කොවිඩි 19 රෝගය නිවාරණය කිරීම සඳහා සහ එම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පොලිසියේ නිලධාරීන් 23,720 ක් යොමු කර තිබෙනවා. නිලධාරීන් 6,911ක් කොරෝනා ආසාදිත තත්ත්වයට පත්ව තිබුණා. පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් පහක් ඇතුළු නිලධාරීන් 14 දෙනෙක් මේ වසංගතය පාලනය කිරීමේ රාජකාරී කරද්දී රෝගය ආසාදනය වීමෙන් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා." යනුවෙනි.
2020 වර්ෂයේදී විනය නීති කඩකරන පොලිස් නිලධාරීන් 164 කට සහ මෙම වර්ෂයේ මේ දක්වා නිළධාරීන් 92කට චෝදනා එල්ල වී තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේ මත්ද්‍රව් පිළිබඳ වැරදි 44කට 2021 වසරේ මේ දක්වා වැරදි15කටද නීතිමය පියවර ගෙන ඇති බවත් පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 90,000 කට ආසන්න ප්‍රමාණයකින් රාජකාරී කිරීමේදී එක් අවුරුද්දක දී මත්ද්‍රව්‍ය වැරදිවලට නිලධාරීන් පනහකටත් අඩු ප්‍රමාණයක් හසුවන බවත් වාර්තා වනවා.
2020 වසරේ සිට මේ දක්වා ස්ත්‍රී සහ ළමා අපචාර වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 27 ක් වරදකරුවන් වී ඇත.
‘‘පොලිසිය යනු විනය පිරිහී ගිය ආයතනයක් ලෙස හුවා දක්වනවා. පොලිසියට විරුද්ධව ගෙනෙන පැමිණිලි කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව සමහර මාධ්‍ය ආයතන ප්‍රචාරණය කරනවා. මේක මාධ්‍ය සදාචාරයට පටහැනියි.’’ යැයි ඇමැතිවරයා සඳහන් කළා.
පොලිස් අධිකාරීවරුන්ගේ ස්ථාන මාරුව පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ දී මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් දැක්වූවා.