පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ අද දහවල් 12 දක්වා වන තත්ත්ව වාර්තා සාරාංශය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව නුවරඑළිය, මහනුවර, කොළඹ, රත්නපුර,කළුතර, කෑගල්ල,ගාල්ල සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක 8ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 52ක් තද සුළං, ඉවුරු කඩාවැටීම් සහ ගංවතුර යන ආපදා තත්ත්වයන්ට මුහුණ පා තිබෙනවා.මෙම ආපදා තත්ව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් ඇත.
තත්ත්ව වාර්තා සාරාංශට අනුව වාර්තා වී ඇති පූර්ණ නිවාස හානි ගණන 2ක් ද අර්ධ නිවාස හානි 378 ක්ද වනවා.
මේ වන විට රජයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 8ක පවුල් 63කට අයත් පුද්ගලයන් 283කු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි
මෙයට අමතරව විදුලිය බිඳ වැටීම් 12,000ක් පමණ හේතුවෙන් 475,000ක පමණ පිරිසකට බලපෑම් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පැවසුවා.
අධික වර්ෂාවත් සමඟ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කර තිබෙනවා. ඒ සමඟම බුලත්සිංහල මෝල්කාව මාර්ගය මෙන්ම පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම ප්‍රදේශයේ පහත්බිම් ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී, උඩුගම – නෙළුව ප්‍රධාන මාර්ගයේ හිනිදුම මහාබෝධි වත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුනා..
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03 ක් මේ වනවිට කර තිබෙනවා. ලක්ෂපාන, කැනියොන් ජලාශ වාන්දමමින් පැවතුනනා.
මේ අතර, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලුන අධික වර්ෂාවත්ස මග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින දික්ඔය ඇළ පිටාර ගැලීමෙන් දික්ඔය ෆොඩයිස්ව තුයායේ වතු නිවාස 25 ක් ජලයෙන් යට වුනා.
අධික වර්ෂාවත් සමග කළු ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් රත්නපුර සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට ගංවතුරින් දැඩි බලපෑමක් එල්ල උනා.
ඒ හේතුවෙන් රත්නපුර නගරය, සීවලී ක්‍රීඩාංගනය හා අවට ප්‍රදේශ ගංවතුරෙන් යටවුනා. ඒ හේතුවෙන් රත්නපුර නගරයට අවට ජනතාව දැඩි දුෂ්කරතාවට පුත්වූ අතර රත්නපුර ගොඩිගමුව, අංගම්මන,වෙරළුප,බටුගෙදර, මුද්දුව යන ග්‍රාමසේවක වසම්වල නිවාස රැසක්ද ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව තිබුනා.
රත්නපුර කුඩුගල්වත්ත - පල්ලිය පාර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් පල්ලිය පාරේ පවුල් 12 ක ජනතාව තාවකාලිකව මේ වනවිට රැදී සිටින්නේ ජුම්මා මුල්ලිම් පල්ලියේයි. ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හංගමුව, ඇලපාත, කරංගොඩ, ගිණිහිරිය,රද්දැල්ල ආදී ප්‍රදේශ රැසක ජනතාවත් ගංවතුරේ බලපෑමට ලක්ව තිබුනා.




