ප්‍රදානයක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.M.F) මගින් ලැබීමට නියමිතය. මෙම මුදල ලබන අගෝස්තු මාසයේදී ලැබීමට නියත අතර රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මෙම මුදල ලැබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට අමරිකානු ඩොලර් බිලියන හයසිය පනහක් පිරිනැමීමට තීරණය කර ඇත.ලෝක කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන මෙය තීරණය කර ඇති අතර ශ්‍රී ලංකාවට ද ඉහත මුදල ලබා දෙනුයේ ඒ වැඩපිළිවෙළ යටතේ යැයි මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අතීතයේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 510 ක මුදලක් පිරිනමන ලදී. ලෝක ආර්ථික අවපාතයක් පැවැති කාලයේදීද සිය සාමාජික රටවලට මෙවැනිම ප්‍රදානයක් කළ බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.




