දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ අද දිනයේ බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර සියය දක්වා වැඩිකර ඇති බවයි. එනම් උදේ වරුවේ දුම්රිය ගමන්වාර 50ක් සහ සවස් වරුවේ දුම්රිය ගමන්වාර 50ක් වශයෙන් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ. සෙසු පළාත්වල ද පෙර පරිදි දුම්රිය ධාවනය කිරීම සිදු වේ.
ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ සහ රාගම සිට දුම්රිය ගමන්වාර 17ක් ද, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම, කළුතර, මොරටුව,පානදුර සහ ගල්කිස්ස සිටි දුම්රිය 20ක් ද, පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුවේ සිට දුම්රිය ගමන්වාර 8ක් ද, කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල කොස්ගම සහ පාදුක්කේ සිට වශයෙන් දුම්රිය ධාවන කාලසටහනේ සදහන් වේ. කොළඹට ධාවනය කරන දුම්රිය ගමන්වාර 50 ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මෙම කාලසටහන ඉදිරිපත් කරයි.




