මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් එහි වාන් දොරටු 02 ක් අඟල් එක හමාර බැගින් ඊයේ (11) අළුයම 05.30 ට පමණ විවෘත කර ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට පවතින අධික වර්ෂාව මෙයට හේතු වී ඇත.
මෙම ජලාශය අක්කර අඩි 95400 ක ජල ධාරිතාවයකින් යුක්තය.ලකෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කානියෝන් යන විදුලිබලාගාර 05 සඳහා මෙම ජලාශයෙන් ජලය සැපයේ.




