තම පුතුට පහරදී ඝාතනය කළ මවක් සහ පියෙක් පිළිබඳව පසුගිය 6 වනදා හසලක ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙසේ ඝාතනයට ලක්වී තිබෙන්නේ හසලක ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සුනිල් නිශ්ශංක නැමැති තරුණයෙක්. ඔහුට වයස අවුරුදු 3ක් සහ සති 3ක් වයසැති දියණියන් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය පවසනවා.
ඔහු තම බිරිඳ සහ දරුවන් සමඟ මවුපියන්ට අයත් නිවසේ පිටුපස කුඩා කාමරයක ජීවත් ව සිට ඇති අතර කුලී වැඩ කිරීමෙන් ජීවත් වී තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පොලීසියට පවසා ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යෑම නිසා පියා සහ ඔහුගේ මස්සිනා තම ස්වාමියාට පොලු වලින් සහ අතින් පයින් පහර දුන් බවයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මව පියා නැගණිය සහ නැගණිය ගේ සැමියා හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
මෙම සැකකරුවන් ජූලි 09 වන දා මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.





