රාගම මහ රෝහලේ වෛද්‍යවරියකගේ කාමරයට අනවසරයෙන් ඇතුළු වීම සහ ඇයගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ 35 හැවිරිදි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම වෛද්‍යවරිය විසින් රාගම රෝහලට කරන ලද පැමිණිල්ලට අනුව පසුගිය සෙනසුරාදා තමා ඇඳුම් මාරු කරමින් සිටියදී සැකකාර වෛද්‍යවරයා ඇගේ කාමරයට හොර රහසේ ඇතුළු වී ඡායාරූප ගෙන ඇති බවයි.
සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාර වෛද්‍යවරයා මීට මාස කීපයකට පෙර රාගම රෝහලට සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය විසින් සැකකරුගේ ජංගම දුරකථනය ද ඔවුන්ගේ භාරයට ගෙන තිබෙන අතර වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 16 දක්වා බන්ධනාගාර ගත කර ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙවැනිම වූ සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාට එරෙහිව තවත් පැමිණිලි දෙකක් පොලිසියට ලැබී තිබෙනවා.




