සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අත්සනින් යුතුව පොලිස්පතිවරයා වෙත ලිපියක් (10 වැනිදා) යොමු කර ඇත. පොලීසිය විසින් දඬුවම් ලෙස විවිධ පුද්ගලයන් නීති විරෝධී සහ බලහත්කාරී නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරනු ලැබීම ගැටළු සහගත බව මෙම සංගමය යොමු කර ලිපියේ සදහන් වේ.
පසුගිය දිනයකදී ද උද්ඝෝෂකයින් පිරිසක් ඒ ආකාරයට නීති විරෝධී ලෙස නිරෝධායනය සඳහා යොමු කිරීම පිළිබඳව සංගමයේ විරෝධය පලකර ඇත.ඔවුන් වහාම නිදහස් කර මින් ඉදිරියට නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස එම සංගමය ඉල්ලා සිටී.




