සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් කොරෝනා රෝගීන්ගේ ජෛව පටල සාම්පල 96ක් යොදාගෙන ඩෙල්ටා කොරෝනා වයිරස සෙවීමේ පරීක්ෂණ අද (12) නැවතත් ආරම්භ කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසුවේ තම අධ්‍යයන අංශය අද ඇරඹූ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල තව සතියකින් පමණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදීමට බලාපොරොත්තු වන බවයි. මේ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල අහඹු ලෙස ලබාගෙන ඇත.
රෝගීන් 20 කට වැඩි සංඛ්‍යාවක් ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වී සොයා ගෙන ඇත. ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වී ඇත. ඉන් බහුතරයක් මේ වනවිට සුවය ලබා ඇත.




