අද (12) නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී දිවයින පුරා පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙහිදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලබන අගෝස්තු මාසයේ දී තැබීමට බලාපොරොත්තු වන බවයි.
පාසල් දිගින් දිගටම වසා තැබීමේ හැකියාවක් නැති බවත් අධ්‍යාපනය අවුරුද්දක් නැති වුණොත් ඒ පාඩුව සදාකාලිකව පියවා ගත නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.




