ඩෙංගු හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන මදුරුවන්ගෙන් වැළඳෙන සිකා වෛරසයය අධි වසංගත තත්ත්වයක් පෙන්නුම් කරනු ලබයි.
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරේ ප්‍රතිශක්තිකරණයක් මෙන්ම ප්‍රතිකාරත් නොමැති මෙම වෛරසයය ගර්භණී මවුවරුන්ට වැළදුනහොත්, ලැබෙන දරුවන්ගේ මොළය කුඩාවීමෙන් විකෘති තත්ත්වයක් නිර්මාණය වී ජීවිත අවදානමක් ඇතිවී ඩෙංගු රක්තපාත තත්ත්වයකට යෑමේ ඉඩකඩක් පවතින බවයි.
ශ්‍රී ලංකාවට කේරළ ප්‍රාන්තයේ සිට පැමිණෙන අය සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවදානයෙන් පසුවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.




