දැනට හුදකලා තත්වයේ ඇති බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ නව අසාදිතයන් 35 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඒ් එම වතු යායෙන් මින් පෙර කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමුවීම නිසා එම වතු යාය හුදකලා කර වතුයායේ පහල කොටසේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 115 ක ප්‍රතිඵල අනුවයි.කොටියාගල වතු යායේ පහල කොටසේ වතු කම්කරුවන් එම වතු යාය හුදකලා කිරිමට ප්‍රථම රුපියල් දහසේ වැටුප් ගැටළුවක් මුලික කර ගනිමින් තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගය ඉදිරිපිට පසුගිය දා සත්‍යග්‍රහයකද නිරත වු අතර , එම සත්‍යග්‍රහය විසුරුවා හැරිමට බගවන්තලාව පොලිසිය කටයුතු කර තිබුණි.
නව අසාදිතයන් අතර වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවත්,තවත් අසාදිතයන් 09 දෙනෙකු බගවන්තලාව චැපල්ටන් ,ටිලරි , ලින්ස්ටඩ් සහ බගවන්තලාව නගරයෙන් හමු වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.




