යාපනය - තෙන්මරාඩ්චි - චවාකච්චේරි ප්‍රාදේශීය සභාවේ සාමාජිකයෙකුගේ මළ සිරුරක් ඒල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා රමාවිල් ප්‍රදේශයේ සිවකුමාර් ගජෙන්(28) නැමැති තරුණයෙකු වන අතර ඔහු දෙමළ ජාතික මහජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙස චවාකච්චේරි ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තේරී පත් වූ අයෙක් බවයි පැවසෙන්නේ.පොලිසිය පවසන්නේ, ඔහුගේ සිරුර ඔහුගේ නිවස අසල ඉඩමක එල්ලී තිබී ඇති බවයි.
ඔහුගේ මරණ ඝාතනයක් ද? සියදිවි නසා ගැනීමක් ද? යන්න පිළිබඳව කොඩිකාමම් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දැනටමත් සිවකුමාර් ගජෙන්ගේ දෙමළ කොංග්‍රස් පක්ෂයේ මහ නගර සභා මහ ඇමති මනිවාන්නන් මහතාට සහයෝගය දක්වන බව ඒම පක්ෂය විසින් පවසායි.
ඔහු නෙරපා හැරීම් ලැයිස්තුවෙන් එක් අයෙකු වීම ද විශේෂත්වයක්. කෙසේ වෙතත් කොඩිකාමම් පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.




