
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (11) මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී එම වෙරළ තීරයට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ගොඩබාන ලද බවට සැක කෙරෙන උර 60ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 2360ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.
මෙම වියලි කහ තොගය වෙරළ ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකරනු ලබන මුර සංචාර හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් රැගෙන යාමට නොහැකිව මෙලෙස වෙරළ තීරයේ දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
උතුරු මැද නාවික විධානයට අයත් ඵුස්සදේව ආයතනය මඟින් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම සිදුකර ඇත.
නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.



