බලංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩි රෝගියෙකු රෝහලෙන් පැන පලාගොස් ඇත.
නන්දසිරි බෝවත්ත නැමැති 72 හැවිරිදි කොස්හේන්ගම ,හේවාහින්න, අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි කෝවිඩි රෝගියෙකු මෙලෙස අද (13) දා දහවල් රෝහලෙන් පලා ගෙස් ඇති බව ඇතැයි පොලිසිය පවසනවා.
මෙම රෝගියා මුලින් සබරගමු විශ්වවිද්‍යාලයයේ ඇති සිංහරාජ අතරමැදි කෝවිඩි රෝහලේ ප්‍රතිකාර ලබමින් දිටියදී තමන්ට ඒහි ප්‍රතිකාර ලැබීමට නොහැකියැයි කලබලකාරී වීම නිසා ඔහු අද (13) පෙරවරුවේ බලංගොඩ මුලික රෝහල වෙත මාරැ කර එවා තිබේ. පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දහවල් මෙලෙස රෝහලෙන් පැන පලාගොස් ඇත.
මේ සමිබන්දයෙන් බලංගොඩ මුලික රෝහල් පොලිසිය හා බලංගොඩ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.




