ත්‍යාග පාර්සල් කුරියර් සේවාවක් හරහා යවන මුවාවෙන් කොළඹ සිට මත්කුඩු පාර්සල් යැවූ කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
කුඩු නෝනි (49) නැමැති මෙම සැකකාරිය කොම්පඤ්ඤ වීදියේ පදිංචි අතර මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කාරියක් වන බවත් ඇයගේ කඩුවෙල නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 56 ක අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙත බෝනික්කෙක් තුළ මත්කුඩු සඟවා යැවීම සඳහා අදාල කුරියර් සමාගමට සැකකාරිය සින් ලබාදී ඇති අතර මෙය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරු අනුව අදාල පාර්සලය පොලිස් බාරයට ගෙන සැකකාරිය සහ මෙම පාර්සලය භාර ගැනීමට නියමිතව සිටි අනුරාධපුර සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබේ.




