හිඟුරක්ගොඩ සී.අයි.සී ගොවිපලට අයත් ලඳු කැලෑ ප්‍රදේශයක නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අනුරාධපුර, කවුඩුල්ල,සංසුංගම සහ උණගලානුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සතුව තිබී නයිට්‍රික් අම්ල, සාන්ද්‍ර සල්ෆියුරික්, හයිඩ්‍රොක්ලෝරික් අම්ල අඩංගු බෝතල් කිහිපයක් ද ග්‍රිල් මැෂින් 1ක්,මිටියක්,මීටර් 100 සහ මීටර් 75 දිග වයර් රෝල් දෙකක්, සාම්බ්‍රානි,මැටි පහන්, නූල් බෝල සහ උදැල්ලක් ඇතුළුව ඔවුන් පැමිණි බව කියන මෝටර් රථයක් හා යතුරු පැදි දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන්ගේ ජංගම දුරකථනවල තිබී දිවයින පුරා වටිනා පුරා වස්තූන් ඇති බවට සැක කෙරෙන ස්ථාන රැසක වීඩියෝ පට 50 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.




