තම වගාවන් සඳහා කාබනික පොහොර භාවිත කරන සහ කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් හෙක්ටයාර 1කට රුපියල් 12,500ක දිරි දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙම දීමනාව ලබා දෙන්නේ හෙක්ටයාර 2 (අක්කර 5) ට අඩු ගොවි මහතුන් සඳහාය.
2021/2022 මහ කන්නය වෙනුවෙන් හෙක්ටයාර 800,000 ක පමණ වී වගා කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව සැපයීමය රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ ගුණාත්මක බවින් යුතු කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවීන් යොමු කිරීමටත් බලපත්‍රලාභී නිෂ්පාදකයන් විසින් නිපදවන කාබනික පොහොර ප්‍රමාණය වැඩි කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.




