නිරෝධායනය සඳහා යවන ලද සැකකරුවන්ගෙන් easy cash හරහා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ සේවය අත්හිටුවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් සිර දඬුවම් නියම කිරීමට පෙර නිරෝධානය සඳහා පරණ බෝගම්බර බන්ධනාගාරය වෙත යොමු කර ඇති බවයි.එම බන්ධනාගාරයේ මුරකරුවෙකු විවිධ පහසුකම් සලසන බව පවසමින් සැකකරුවන් තිදෙනෙකුගෙන් easy cash හරහා රුපියල් 9000ක් ලබා ගත් බව අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් බන්ධනාගාර මූලස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ බන්ධනාගාර නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇත.




