පෙර ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව අවධානය යොමු වී ඇතැයි සභානායක කාර්යාලය පවසයි.
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව කොරෝනා වසංගතය ආරම්භවීමත් සමඟම සම්පූර්ණයෙන්ම ඇණසිටින ලදි.
පළමු පියවර ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ කාමර දහයක් මේ සඳහා වෙන් කිරීමට සාකච්ඡා වී ඇතත් ඊට වෙන් කළ හැක්කේ කාමර හතක් පමණක් බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙනවා.
කොරෝනා තත්වය පාලනයවී මහජනතාවට පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමේ අවස්ථාව උදා වූ පසු මන්ත්‍රීවරුන්ගේ මහජන හමුවීම් කාමර පෙර ලෙසටම මහජනතාව සඳහා විවෘත කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසන ලදි.
කෙසෙ වෙතත් ඊට අවශ්‍ය කෙරෙන කාමර සූදානම් කරගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පුකාශ කරනවා.




