පොල් තෙල් මෝලක සේවකයින් 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇත. මෙම පොල්තෙල් මෝල කටාන ප්‍රදේශයේ පිහිටා ඇත.
කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ ඒ යූ ටී කුලතිලක මහතා පැවසුවේ ඔවුන්ගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදුකළ වැඩිදුර පරීක්ෂණයකදී එක් අයෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු බව හෙළිවී ඇති බවයි.
සේවක පිරිසේ 29 දෙනෙකු සඳහා පී සී ආර් පරීක්ෂණ පවත්වා ඇති අතර ඉන් 18 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි විය. සේවක පිරිසෙන් සියයට පනහකටත් වැඩි පිරිසක් මෙසේ කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර රෝහල වෙත යොමුකර තිබේ.
මෙහිදී එක් අයකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇති බව හෙළි වීමෙන් පසු එම සියලු සාම්පල තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා බොරැල්ලෙ වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යැවීමට කටයුතු කර ඇත.
ආසාදිත වූ සියලු දෙනා මේවන විට සුවය ලබා නිවෙස් වලට පැමිණ ඇත. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කරේ ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා යළි පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර එම සාම්පල් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කරන බවය.