අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ දිවයිනේ පාසල් ලබන මස අග විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.
රට පුරා පාසල් ගුරුවරුන්ගෙන් සියයට 63කටද, බස්නාහිර පළාතේ ගුරුවරුන්ගෙන් සියයට 97කටද කොරෝනා මර්දන එන්නත මේ වන විට ලබාදී ඇති බවත් සෙසු ගුරුවරුන්ටද ඉදිරි දිනවල එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බවත් මහාචාර්යවරයා කීවේය .
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ අවුරුදු 12 වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇති බවයි.