36 හැවිරිදි උස්බකිස්තාන කාන්තාවක් ලිංගික ජාවාරමේ යෙදවීම හේතුවෙන් 31 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු ඊයේ(19) රාත්‍රියේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.සැකකරු විසින් පසුගිය වසරේ මෙම කාන්තාව මෙරටට ගෙනවිත් ඇත.එමෙන්ම උස්බකිස්තාන ජාතිකයෙක් වන මෙම සැකකරුගේ බිරිඳ ද මෙම වරද සිදු කිරීම හේතුවෙන් මීට ඉහතදී ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් දඬුවම් නියම කර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මිනිස් ජාවාරම වරදක් බවත් මිනිස් ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් යම් පුද්ගලයකු වරදකාරයකු වුවහොත් වසර 10 සිට 20 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ හැකි බවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.