වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ගෑස් සමාගම් විසින් වෙළඳ පොළට අලුතින් හඳුන්වා දෙන ලද ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මෙම නව ගෑස් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ රුපියල් 1395 ක මිලකට ය. කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1495 කට තිබියදී ලිටර්18 ගෑස් සිලින්ඩරය රුපියල්1395 ක මිලකට අලෙවි කිරීම අසාධාරණ බව වෙළෙඳ ඇමැතිවරයා පෙන්වා දී ඇත.නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් සටහන් කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත .