කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ දී ඇමතිවරයා පැවසුවේ "වෙන්නේ මොකක් දැයි අද හොඳට බලාගත හැකිවනු ඇතැයි" කියාය.
සමගි ජන බලවේගය මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළේ ආණ්ඩුව ඇතුළේ පිපිරීමක් බලාපොරොත්තුවෙන් බවත් විශ්වාසභංගය හේතුවෙන් ආණ්ඩුව තුනට හතරට කැඩේවි යැයි ඔවුන් විශ්වාස කළ බවත් ඡන්ද 155 ට වැඩි බහුතරයකින් විශ්වාසභංග යෝජනාව ජයගන්නා බවත් අලුත්ගමගේ මහතා පැවසුවේය.
සමගි ජන බලවේගය විශ්වාස කළේ විශ්වාසභංගය තුළ ආණ්ඩුවේ බහුතරය නැති වේවි කියාය. මේ අය මේ විශ්වාස භංගය ගෙනාවේ මිනිසුන්ගේ බදු බර ,බඩු මිල ගැන සිතා නොවන බවත් මේ රටේ ආර්ථිකය විනාශ කරපු අය අද ආර්ථිකය ගැන කතා කරන බවත් ඔබලාට රටේ ආර්ථිකය ගැන කතා කිරීමට කිසිම අයිතියක් නැති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.