ගොඩබිමට ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා තිබූ කේරළ ගංජා තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයේ දී ඊයේ (19) අලුයම සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා මගින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී පොලිතින් ගෝනි 04ක බහා තිබූ කේරළ ගංජා කිලෝ 139යි ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම මිලියන 41කට අධික බවත් අන්තර්ජාතික මුහුදු සීමාවේදී ජාවාරම්කරුවන් විසින් ලබාගෙන ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදට දමන්නට ඇතැයි සැක කරන බවත් නාවික හමුදාව පවසනවා.
මෙම කේරල ගංජා තොගය නාවික හමුදාව විසින් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කර ඇත.