හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයෝ අද (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වුනා.
ඒ් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින්.වතු යායෙන් ආරම්භ කල උද්ඝෝෂණය හැටන් ඩයගම නගර දක්වා ගමන් කල අතර ඩයගම නගර මධ්‍යයේදීද උද්ඝෝෂණය සිදු කලා.
මෙම දැරිය එම වතු යායේම පදිංචි තරැව්කරුවකුගේ මාර්ගයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් (බදුර්ඩීන්) මහතාගේ නිවසේ මසකට රු 20000 ක වැටුපකට සේවයට ගොස් ඇත.
2020 ඔක්තොම්බර් මස දී කොළඹ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර මෙසේ ගොස් තිබෙනවා.