කැස්බෑව ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණවලින් ඩෙල්ටා වයිරසය ආසාදිත රෝගීන් 5 කු ඇතුළු ආසාදිතයන් 120 දෙනකු හඳුනාගෙන තිබේ.
ජබුරලිය ලූල්වල පාර පිහිටි එම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා ආසාදිත රෝගියෙකු හමු වීමත් සමඟම පෙරේදා 19 දින කර්මාන්ත ශාලාවේ අංශ කීපයක සේවක සේවිකාවන් 166 දෙනකු පී. සී. ආර්. පරීක්ෂණ වලට යොමු කර ඇති අතර එයින් 109 දෙනකුට කොරෝනා බවට තහවුරු වී ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.