ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ දුල් හිජ් මාසයේ 10 වැනි දිනට උදාවන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන හජ් උත්සවය අදයි. හජ් උත්සවය ලෝකයේ බොහෝ රටවල්වලට උදා වී තිබුණේ ඊයේ (20 වැනිදාය) දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම උත්සවයෙන් සනිටුහන් කරයි.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අන්වර් සඳහන් කට පරිදි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව දිවයිනේ මුස්ලිම් දේවස්ථාන වලදී විශේෂ දේව වන්දනය හා දේශනය සිදුකිරීමට නියමිතය..
ජමියතුල් උලමා සංවිධානය ද මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පවුල්වලට පමණක් සීමා වී උත්සවය සමරන ලෙසත් සිප වැලඳගැනීම් නොකරන ලෙසත්ය.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තුමේන්තුව සියලු දේවස්ථාන වෙත උපදෙස්දී ඇත්තේ හජ් උත්සවය නිමිත්තෙන් දෙවියන් උදෙසා සිදුකරනු ලබන සත්ව බිලිදීම් කිසිදු මුස්ලිම් දේවස්ථානයක නොකරන ලෙසත් හජ් උත්සවය අද සිට දින තුනක් සැමරීම සිදු කළ හැකි නමුත් මෙවර 23 වනදා පෝය දිනයක් වන බැවින් එය දින දෙකකට පමණක් සීමා කරන ලෙසත් ය.