ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසා සිටියේ ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වැනි රැල්ලේ ආරම්භයට කෙමෙන් ළඟා වෙමින් තිබෙන බවය.
කොළඹ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇය තවදුරටත් කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදය රටට ඇතුළු වී තිබෙන නිසාවෙන්, එය රටේ ජනතාවගෙන් වෛසරය ආසාදනය වන සියයට පනහකට ආසාදනය වීමට ඉඩකඩ ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
"එන්නත මත විශ්වාසය තබාගෙන රෝගීන් රෝගය පාලනය කරනවා. එන්නත්කරණ මඟින් අප ඉස්සර රට තිබ්බ ආකාරයට ගෙනියන්න පුළුවන් කියන එක මිත්‍යාවක් විදිහට දකිනවා. ඩෙල්ටා ප්‍රභේදය රට තුළට ඇතුළු වී තියෙනවා. අපි ඒ දවස්වල තද සංචරණ සීමා දක්වද්දි ඒක රටට තර්ජනයක් වුණේ නැහැ."