රජය රටේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරනවා.
කොතලාවල විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගන්නා බවක් ජනාධිපතිවරයා ප්‍රකාශ කළද එවැන්නකට ලේඛණයක් නැතැයිද ඔවුන් ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයා විසින් කොතලාවල පනතට විරුද්ධ වන්නේ නොදැනුවත්කම නිසා යැයි කරන ප්‍රකාශ මහජනතාව නොමඟ යැවීමක් යැයිද එම සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරනවා.
කොතලාවල පනතට මහජන විරෝධය තීව්‍රවන පසුබිමක විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරණයට හා මිල්ටරීකරණයට උත්සාහ ගනිමින් විශ්ව විද්‍යාල පනතට තාවකාලික සංශෝධන ඉදිරිපත් කිරීමට රජය උත්සහ ගන්නා බවද එම සමිති සම්මේලනය කියයි.