දුර්ලභ හා අතිශය වටිනා ශාක වන සුදු හඳුන් ශාක සහ රත් හඳුන් ශාක 1200 කින් සමන්විත “ජාතික සඳුන් අරණ” තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් ඊයේ (20) විවෘත කෙරිණි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු සංකීර්ණය, ජපන් මිත්‍රත්ව මාර්ගයට සහ අපේ ගම පරිශ්‍රයට යාබදව පිහිටි භාවිතා නොකරමින් තිබු නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 9ක් වු භූමියක මෙම ජාතික සඳුන් අරණ ඉදිකර තිබේ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් හා නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් මෙය ස්ථාපිත කෙරිණි.
මෙය මෙම ප්‍රදේශයේ සංවර්ධන කරමින් පවතින සහ සංවර්ධනය කර ඇති හරිත උද්‍යාන ජාලයේ එක් සංධිස්ථානයකි. එසේම මෙවන් වටිනා ඉඩමක් මෙවන් හරිත සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගැනීමට ලැබීම භාග්‍යකි.
ව්‍යාපෘතියේ ඉතා දුර්ලභ, වටිනා ශාක වන රතු හඳුන් 300 සහ සුදු හඳුන් ශාක 900 සිටුවා ඇත.
මීට අමතරව මෙහි විශාල ජල පොකුණු 2 කින් සහ ජල මල් සහිත බිත්ති වලින් සමන්විත ප්‍රධාන පීඨිකාවක් සහ කවාකාරව පිහිටි නොගැඹුරු පොකුණු 12 ක් ඇතුළත්ය.
මෙම ප්‍රධාන පීඨිකාව ඉදිරියේදී විවිධ වු සංස්කෘතික උත්සව, සංගීත සංදර්ශන, නාට්‍ය සංදර්ශණ, යෝගා භාවනා ආදී වු විවිධ කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව පවතී.
සුදු හඳුන් හා රතු හඳුන් ශාක පොළවෙහි අඩි 2 ක් පමණ ඉහළ ඔසවන ලද කුඩා පස් කඳු මත සිටුවා ඇත.
සුදු හඳුන් ශාකය අර්ධ පරපෝෂී ලක්ෂණ පෙන්වන බැවින් එම ශාකයට නයිට්‍රජන් ලබා ගැනීමට සහය ලබා දීමට එම පස් කදු මත මුකුණුවැන්න ශාක සිටුවා ඇත.
උද්‍යානයේ ශාක වලට ජලය ලබා දීම සම්පුර්ණයෙන්ම ජල විදුම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ.
සුදු හඳුන් සහ රතු හඳුන් ශාක සෙමෙන් වර්ධනය වන ශාක වේ.ඒ හේතුවෙන්ම එම ශාක වල වටිනාකම ඉතා ඉහළය.
එසේම සුදු සහ රත් හඳුන් ඉතා වටිනා ඖෂධීය වටිනා කමකින් යුක්තය.
රත් හඳුන් ලංකාවේ ඉතාමත් දුර්ලභ ශාකයක් වන අතර මේ වන විට රත් හඳුන් වෘක්ෂ ශ්‍රි ලංකාවේ ඇත්තේ 40 කටත් අඩු ප්‍රමාණයකි.
උද්‍යානයේ අලංකාර, සෞම්‍ය ආලෝක කරනයක් සිදු කර ඇති අතර එය උද්‍යානයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂන වඩාත් කැපී පෙනීම සඳහා භාවිතා කර ඇත.
උද්‍යානයේ නිර්මාණ කටයුතු සහ ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාව පළමු වරට කොවිඩ් වසංගතයට මුහුණ පා රට සම්පුර්ණයෙන් වසා දමා තිබු අවධියේය.
2020 ජුලි මස 02 දින කොවිඩ් උවදුර පවතින සමයේම ඉදිකිරීම් ආරම්භ කරන ලදි.
කොවිඩ් අභියෝගය හමුවේ වුවද මෙම උද්‍යානයේ කටයුතු වසරක කාලයක් තුළදී නිම කර ඇත.
ව්‍යාපෘති වියදම පළමු අදියර සඳහා රුපියල් මිලියන 132 කි. දෙවන අදියර සඳහා රුපියල් මිලියන 162 කි.
ව්‍යාපෘතියේ සැලසුම් හා නිර්මාණ කටයුතු හා ව්‍යාපෘති කළමනාකරණ හා මුල්‍ය දායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශය විසිනි.
ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද්දේ ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවයි.
ව්‍යාපෘතියේ ශාක සිටුවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බලකාය ඉතා ඉහළ දායකත්වයක් ලබා දුන්නේය.
අනාගතයේ මෙම සුදු හඳුන් හා රත් හඳුන් ශාක විශාල වෘක්ෂයන් වී මාගේ ලක් මවට සිසිල සලසනු දැකීම අපගේ අරමුණයි.
මේ වටිනා අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.