කොරෝනා වෛරසයේ මුල් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ට වඩා නව ඩෙල්ටා ප්‍රභේදය (COVID B.1.617.2 Delta Variant) ආසාදනය වූ පුද්ගලයන්ගේ ශරීරය තුළ වැඩි වෛරස අංශු ප්‍රමාණයක් නිපදවීම හේතුවෙන් වෙනත් අයෙකුට වෛරසය පැතිරීම ඉතා පහසු බව අධ්‍යනයකට අනුව හෙළිවී තිබෙනවා.
චීනයේ ගුවැංදොං පළාතේ රෝග පාලනය හා වැළැක්වීමෙන් මධ්‍යස්ථානයේ පර්යේෂකයන් සොයාගත් පරිදි ශරීරය තුළ වයිරස් අංශු වල ඝනත්වය කොරෝනා වෛරසයේ මුල් ප්‍රභේදය වැළඳුනු කෙනෙකුට වඩා ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු පුද්ගලයකුගේ 1000 ගුණයකින් වැඩි බව වාර්තා වනවා.2020 වසරේ අගභාගයේ දී ප්‍රථම වතාවට ඉන්දියාවේදී හඳුනාගත් මෙම ප්‍රභේදය මේ වන විට අවම වශයෙන් රටවල් 111ක් පුරා ව්‍යාප්ත වී ඇත.
කොරෝනා වෛරසය ආසාදනයෙන් පසු නිරෝධායනය කරන ලද පුද්ගලයින් 62 නෙකු මෙම පරීක්ෂක කණ්ඩායම් විසින් නිරීක්ෂණය කරන ලද අතර කාලයත් සමඟ එය වෙනස් වන්නේ කෙසේ දැයි බැලීමට ආසාදිත කාලය පුරාම සෑම දිනකම ඔවුන්ගේ වෛරසයේ ඝනත්වය පරික්ෂා කර තිබෙනවා.
ඒ අනුව රෝගයට නිරාවරණය වී දින හතරක් ඇතුළත එම පුද්ගලයා ආසාදිතයකු බව හඳුනාගත හැකි බවයි පර්‍යේෂකයන් පවසන්නේ. නමුත් මුල් ප්‍රභේදය හඳුනාගැනීමට අවම වශයෙන් දින 6ක් ගත වනවා.