කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2021 ජූලි මස 23 වන දින ප.ව. 01.00 සිට 2021 ජූලි මස 24 වන දින ප.ව. 01.00 වන තෙක් වලංගු වන පරිදි 2021 ජූලි මස 23 වන දින ප.ව. 01.00 ට තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
නිවේදන අංකය : 02 වර්ණය : ඇම්බර්
ගොඩබිම් ප්‍රදේශ සඳහා
සැලකිලිමත් වන්න!
නිරිත දිග මෝසම තත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං බලාපොරොත්තු විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.
මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ලෙස ඉල්ලා සිටිනු ලැබේ.