ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ ගැටළුවට ස්ථිරසාර විසඳුමක් මෙතෙක් ලබා නොදීම හේතුවෙන් 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවලින් ගුරුවරුන් ඉවත්වන බව ජාතික ගුරු බලය ප්‍රධාන ලේකම් එල්. ආර්. මනතුංග මහතා පවසයි.
කලාප කාර්යාල හා පළාත් කාර්යාල මගින් ඔන්ලයින් දැනුවත් කිරීම් සඳහා පවත්වනු ලබන වැඩමුළුවවලින් ද, විභාග රාජකාරි අයදුම් කිරීමෙන් ද වැළකී සිටින බව අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.මෙම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ගුරු, විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමෙන් මෙම සියලු වෘත්තිය ක්‍රියාමාර්ග නතර කිරීමේ හැකියාව රජය සතු වන බවයි.