රබර් කිරි කැපීමට ගිය 35 හැවිරිදි කාන්තාවකට වන අලියෙකු පහරදීමෙන්ඊයේ (23) උදෑසන එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍රදේශයට අයත් කන්දේආර ගම්මානයේ පදිංචි සිව් දරු මවක් වන කේ.ඒ. නිශාන්ති කුමාරි යන අයයි.ඊයේ උදෑසන පහට පමණ ඇය නිවස ආසන්නයේ ඇති රබර් ඉඩමක කුලියට රබර් කිරි කැපීමට ගොස් සිටි අවස්ථාවේ මෙම අලියා පහර දී ඇත.
එම ඉඩමේ හිමිකරු කිරි කපන්නට ආ කාන්තාව පෙනෙන්නට නැති නිසා ඇගේ නිවසට ගොස් ඇති අතර එහි ද නොමැති බැවින් මෙම කාන්තාවගේ ස්වාමියා සමඟ සමඟ රබර් ඉඩමට පැමිණ සෝදිසි කර තිබෙනවා.
එම අවස්ථාවේ රබර් ගස් අතර වැටී සිටි මෙම කාන්තාව සොයා ගෙන තිබෙන අතර ඉන් පසු ඔවුන් ගෝනගංආර පොලිසියට ඇමතුමක් ලබා දුන් බව පොලිසිය පවසයි.