විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ නවසීලන්ත රජය ශ්‍රී ලංකාව සඳහා නවසීලන්ත මහ කොමසාරිස්වරයෙකු පත් කර ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1955 දී ආරම්භ කළද මෙතෙක් මෙරටට නවසීලන්ත මහකොමසාරිස්වරයෙකු පත් කර නොතිබුණි.මෙලෙස නවසීලන්ත මහ කොමසාරිස්වරයෙකු පත් කරේ පළමු වරටය.නවසීලන්ත රජය විසින් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා මෙරට පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබූ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
22 වනදා ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ලෙස පත්වීම ලැබූ එඩ්වඩ් ඇපල්ටන් මහතා සිය අක්තපත්‍ර පිළිගැන්වූ බවද විදේශ අමාත්‍යාංශ පවසයි. විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විණි.
කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මේ වසර අග භාගයේ දී විවෘත කිරීමට නියමිතව ඇත.